NVQ  මට්ටමේ ක්‍රීඩා පුහුණුකරු පාඨමාලාව පිළිබද හැදින්වීම.

පාසල් අධ්‍යාපනයේ උපරිම ඵලනෙලා ගැනීමට අපොහොසත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා අවස්ථා නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නිපුනතාවයක් ලබා දෙමින් ක්‍රීඩා ක්ෂේත්‍රයට අවශ්‍ය පුහුණුකරුවන්  NVQ – 4,5,6 යන මට්ට් වලින් ශ්‍රේණිගත කිරීම පිණිස මෙම පාඨමාලාව පිටුවහලක් වේ.

අනාගතයේදී ක්‍රීඩා පුහුණුකරුවන් ශ්‍රේණිගත කිරීම හා වෘත්තීය භාවය තහවුරු කර ගනිමින් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ලබාදෙන ලොව පිළිගත් සහතික පත්‍රයක් හිමි පුහුණුකරුවකු වීමට ඔබට අවස්ථාව සැලසී ඇත.

මේ අනුව “ ජීවිතයට – හැකියාවක් ” “ හැකියාවට – රැකියාවක් ”

“ රැකියාවට – පිළිගැනීමක් ” ලබා සාර්ථක පුහුණුකරුවකු ලෙස හෙට දින ක්‍රීඩා ක්ෂේත්‍රයට පා තැබීමට වරම් ලැබී ඇත.

වූෂු පුහුණුකරු NVQ – 4 මට්ටම පාඨමාලාව

පාඨමාලා තොරතුරු

  1. පාඨමාලා කාලය –  පැය 750 ( මාස 12)
  2. පාඨමාලා ගාස්තුව – රු. 40,000.00

( පලමු වාරිකය රු. 25,000යි දෙවන වාරිකය රු. 15,000)

  1. පාඨමාලා මාධ්‍ය – සිංහල/ඉංග්‍රීසි 
  2. දිනයන් – සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්  
  3. බදවා ගැනීමට නියමිත සංඛ්‍යාව – 25 40 අතර සංඛ්‍යාවක් 

පොදු කොන්දේසි හා සුදුසුකම්

  1. අයදුම්පත් බාරගන්නා දිනට වයස අවු. 18ට වැඩි ශ්‍රී ලංකා පුරවැසියකු විය යුතුය.
  2. මේ සදහා ඔබ වූෂු ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබද නිපුනතාවය,ඇල්මක් සහ කැපවීමක් තිබිය යුතුය.
  3. ලංකාවේ ඕනෑම පළාතක් නියෝජනය කරමින් පිලිගත් ක්‍රීඩා තරගාවලියක වූෂු ක්‍රීඩා ඉසව්වක් නියෝජනය කර ජයග්‍රහණ ලබා තිබිය යුතුය.
  4. අදාල අයදුම්කරු විසින් පුහුණු කරනලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගත් වූෂු මළල ක්‍රීඩා තරගාවලියක කලාප/දිසිත්‍රික් /පළාත්/ජාතික  මට්ටමේ ජයග්‍රහණ ලබා ඇති බව සනාථ කිරීම විශේෂ සුදුසුකමක් වේ.
  5. ප්‍රායෝගික ක්‍රියාකාරකම් කර පෙන්වීම සදහා මනා ශරීර සෞඛ්‍යකින් පසුවන්නකු විය යුතුය.
  6. පාඨමාලාවේ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සදහා වර්ථමානයේ වූෂු මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්  පුහුණු කරන පුහුණුකරුවකු වීම විශේෂ සුදුසුකමකි.
  7. අයදුම් කිරීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ මගින්  තෝරාගත් පුද්ගලයන්ගේ  ප්‍රථිපල වෙබ් අඩවිය තුළින් ලබාගත හැක.
  8. දේශන නැවත නැවත ශ්‍රවණය කළ හැකි ආකාරයට හඩ පට හා  දේශනවල සටහන්, අත් පත්‍රිකා විද්‍යුත් මාධ්‍ය මගින් ලබාදීමටද   කටයුතු කර ඇත.
  9. පාඨමාලා අවසානයේදී බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය මගින් හා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සහතික පත්‍ර දෙකක් ලබාදීමට නියමිතය.

අයදුම් කිරීම

  1. මේ සමග ඇති අයදුම්පත්‍රය බාගත කළ හැක.
  2. අයදුම්පත්‍රය සමගින් උප්පැන්න සහතිකය, උසස්ම අධ්‍යාපන සහතික, උපරිම දක්ෂතා ඇති ක්‍රීඩා සහතික, සහ ඔබ පුහුණු කල ක්‍රීඩකයින්ගේ උපරිම දක්ෂතා ඇති ක්‍රීඩා සහතික වල පිටපත්  සත්‍ය පිටපත් බවට සහතික කර ලියාපදිංචි තැපෑලෙන් පාලන අධිකාරී, ක්‍රීඩා විද්‍යායතනය,මහරගම, පන්නිපිටිය යන ලිපිනයට එවිය යුතු අතර වම් පස කෙලවරේ “වූෂු ක්‍රීඩා පුහුණු කරු NVQ -4 මට්ටම” යනුවෙන් සදහන් කළ යුතුය.
  3. සම්මුඛ පරීක්ෂණ මහරගම පන්නිපිටිය පොල්වත්තේ  පිහිටි බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනයේදී සිදු කිරීමට 

නියමිතය.

වුෂු ක්‍රිඩා පාඨමාලා අන්තර්ගතය

  • වුෂු ක්‍රීඩාවේ විකාශනය
  • වුෂු ක්‍රීඩා ඉසව් පුහුණුව( තන්චුවාන් , චන්චුවාන් ,තායිජිචුවාන් – පාරම්පරික/තරග ඉසව,තායිජි ජියෑන්,නන්දාඔ ,ලෝන් සෝඩ් ,බෝඩ් සෝඩ් ,කගල්,ස්පියර්,නංගුන්,සංදා)
  • පුහුණුකරු හා සිසුන්ගේ කාර්යභාරය
  • පුහුණු මූලධර්ම හා පුහුණු ක්‍රම
  • ශාරීරික යෝග්‍යතා සංවර්ධනය
  • මිනිස් සිරුර හා ව්‍යායාම භෞතවේදය
  • ක්‍රීඩා අනතුරු හා ප්‍රථමාධාර විධි
  • තහනම් උත්තේජක පරිහරණය හා භාවිතා වන ක්‍රම
  • ක්‍රීඩා මනෝවිද්‍යාව
  • ක්‍රීඩා හැකියා  හදුනා ගැනීම හා සංවර්ධනය
  • ක්‍රීඩා පුහුණු සැලසුම්කරණය
  • ක්‍රීඩා හා ඉසව් කළමණාකරණය 
  • ක්‍රීඩා මධ්‍යස්ථාන හා උපකරණ නඩත්තුව
  • වුෂු ක්‍රීඩා නීතිරීති හා රෙගුලාසි

වොලිබොල් පුහුණුකරු NVQ – 4 මට්ටම පාඨමාලාව

පාඨමාලා තොරතුරු

  1. පාඨමාලා කාලය –  පැය 750 ( මාස 12)
  2. පාඨමාලා ගාස්තුව – රු. 40,000.00

( පලමු වාරිකය රු. 25,000යි දෙවන වාරිකය රු. 15,000)

  1. පාඨමාලා මාධ්‍ය – සිංහල/ඉංග්‍රීසි 
  2. දිනයන් – සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්  
  3. බදවා ගැනීමට නියමිත සංඛ්‍යාව – 25 40 අතර සංඛ්‍යාවක් 

පොදු කොන්දේසි හා සුදුසුකම්

  1. අයදුම්පත් බාරගන්නා දිනට වයස අවු. 18ට වැඩි ශ්‍රී ලංකා පුරවැසියකු විය යුතුය.
  2. මේ සදහා ඔබ වොලිබොල් ක්ෂේත්‍රය පිළිබද නිපුනතාවය,ඇල්මක් සහ කැපවීමක් තිබිය යුතුය.
  3. ලංකාවේ ඕනෑම පළාතක් නියෝජනය කරමින් පිලිගත් වොලිබොල් තරගයක්  නියෝජනය කර ජයග්‍රහණ ලබා තිබිය යුතුය.
  4. අදාල අයදුම්කරු විසින් පුහුණු කරනලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගත් වොලිබොල් ක්‍රීඩා තරගාවලියක  කලාප/දිසිත්‍රික් /පළාත්/ජාතික  මට්ටමේ ජයග්‍රහණ ලබා ඇති බව සනාථ කිරීම විශේෂ සුදුසුකමක් වේ.
  5. ප්‍රායෝගික ක්‍රියාකාරකම් කර පෙන්වීම සදහා මනා ශරීර සෞඛ්‍යකින් පසුවන්නකු විය යුතුය.
  6. පාඨමාලාවේ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සදහා වර්ථමානයේ වොලිබෝල් ක්‍රීඩා කණ්ඩායමක්  පුහුණු කරන පුහුණුකරුවකු වීම විශේෂ සුදුසුකමකි.
  7. අයදුම් කිරීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ මගින්  තෝරාගත් පුද්ගලයන්ගේ  ප්‍රථිපල වෙබ් අඩවිය තුළින් ලබාගත හැක.
  8. දේශන නැවත නැවත ශ්‍රවණය කළ හැකි ආකාරයට හඩ පට හා  දේශනවල සටහන්, අත් පත්‍රිකා විද්‍යුත් මාධ්‍ය මගින් ලබාදීමටද   කටයුතු කර ඇත.
  9. පාඨමාලා අවසානයේදී බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය මගින් සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සහතික පත්‍ර දෙකක් ලබාදීමට නියමිතය.

අයදුම් කිරීම

  1. මේ සමග ඇති අයදුම්පත්‍රය බාගත කීරීම මගින් අයදුම් කළ හැක.
  2. අයදුම්පත්‍රය සමගින් උප්පැන්න සහතිකය, උසස්ම අධ්‍යාපන සහතික, උපරිම දක්ෂතා ඇති ක්‍රීඩා සහතික, සහ ඔබ පුහුණු කල ක්‍රීඩකයින්ගේ උපරිම දක්ෂතා ඇති ක්‍රීඩා සහතික වල පිටපත්  සත්‍ය පිටපත් බවට සහතික කර ලියාපදිංචි තැපෑලෙන් පාලන අධිකාරී, ක්‍රීඩා විද්‍යායතනය,මහරගම, පන්නිපිටිය යන ලිපිනයට එවිය යුතු අතර වම් පස කෙලවරේ “වොලිබොල් පුහුණු කරු NVQ -4 මට්ටම” යනුවෙන් සදහන් කළ යුතුය.
  3. සම්මුඛ පරීක්ෂණ මහරගම පන්නිපිටිය පොල්වත්තේ  පිහිටි බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනයේදී සිදු කිරීමට 

නියමිතය.

වොලිබෝල් පාඨමාලා අන්තර්ගතය

  • වොලිබෝල් ක්‍රීඩාවේ විකාශනය
  • වොලිබෝල් ක්‍රීඩා ඉසව් පුහුණුව 
  • පුහුණුකරු හා සිසුන්ගේ කාර්යභාරය
  • පුහුණු මූලධර්ම හා පුහුණු ක්‍රම
  • ශාරීරික යෝග්‍යතා සංවර්ධනය
  • මිනිස් සිරුර හා ව්‍යායාම භෞතවේදය
  • ක්‍රීඩා අනතුරු හා ප්‍රථමාධාර විධි
  • තහනම් උත්තේජක පරිහරණය හා භාවිතා වන ක්‍රම
  • ක්‍රීඩා මනෝවිද්‍යාව
  • ක්‍රීඩා හැකියා  හදුනා ගැනීම හා සංවර්ධනය
  • ක්‍රීඩා පුහුණු සැලසුම්කරණය
  • ක්‍රීඩා හා ඉසව් කළමණාකරණය 
  • ක්‍රීඩා මධ්‍යස්ථාන හා උපකරණ නඩත්තුව
  • වොලිබෝල් ක්‍රීඩා නීතිරීති හා රෙගුලාසි

ශරීරසුවතා උපදේශක ( Physical Fitness Instructor ) NVQ – 4 මට්ටම පාඨමාලාව

පාඨමාලා තොරතුරු

  1. පාඨමාලා කාලය –  පැය 750 ( මාස 12)
  2. පාඨමාලා ගාස්තුව – රු. 40,000.00

( පලමු වාරිකය රු. 25,000යි දෙවන වාරිකය රු. 15,000)

  1. පාඨමාලා මාධ්‍ය – සිංහල/ඉංග්‍රීසි 
  2. දිනයන් – සෙනසුරාදා හෝ ඉරිදා  දිනයන්  සහ ප්‍රායෝගික පුහුණු සැසි සදහා සතියේ එක් දිනක් 
  3. බදවා ගැනීමට නියමිත සංඛ්‍යාව – 25 40 අතර සංඛ්‍යාවක් 

පොදු කොන්දේසි හා සුදුසුකම්

  1. අයදුම්පත් බාරගන්නා දිනට වයස අවු. 18ට වැඩි ශ්‍රී ලංකා පුරවැසියකු විය යුතුය.
  2. මේ සදහා ඔබ ශරීරසුවතා ක්ෂේත්‍රය පිළිබද නිපුනතාවය,ඇල්මක් සහ කැපවීමක් තිබිය යුතුය.
  3. ලංකාවේ ඕනෑම පළාතක් නියෝජනය කරමින් පිලිගත් ශරීරසුවතා තරගයක්  නියෝජනය කර ජයග්‍රහණ ලබා තිබීම හෝ ශරීරසුවතා මධ්‍යස්ථානයක රැකියාවක නිරතවීම විශේෂ සුදුසුකමකි.
  4. අදාල අයදුම්කරු විසින් පුහුණු කරනලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගත් ශරීරසුවතා තරගාවලියක  කලාප/දිසිත්‍රික් /පළාත්/ජාතික  මට්ටමේ ජයග්‍රහණ ලබා ඇති බව සනාථ කිරීම විශේෂ සුදුසුකමක් වේ.
  5. ප්‍රායෝගික ක්‍රියාකාරකම් කර පෙන්වීම සදහා මනා ශරීර සෞඛ්‍යකින් පසුවන්නකු විය යුතුය.
  6. අයදුම් කිරීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ මගින්  තෝරාගත් පුද්ගලයන්ගේ  ප්‍රථිපල වෙබ් අඩවිය තුළින් ලබාගත හැක.
  7. දේශන නැවත නැවත ශ්‍රවණය කළ හැකි ආකාරයට හඩ පට හා  දේශනවල සටහන්, අත් පත්‍රිකා විද්‍යුත් මාධ්‍ය මගින් ලබාදීමටද   කටයුතු කර ඇත.
  8. පාඨමාලා අවසානයේදී බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය මගින් සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සහතික පත්‍ර දෙකක් ලබාදීමට නියමිතය.

අයදුම් කිරීම

  1. මේ සමග ඇති අයදුම්පත්‍රය බාගත කීරීම මගින් අයදුම් කළ හැක.
  2. අයදුම්පත්‍රය සමගින් උප්පැන්න සහතිකය, උසස්ම අධ්‍යාපන සහතික, උපරිම දක්ෂතා ඇති ක්‍රීඩා සහතික, සහ ඔබ පුහුණු කල ක්‍රීඩකයින්ගේ උපරිම දක්ෂතා ඇති ක්‍රීඩා සහතික වල පිටපත්  සත්‍ය පිටපත් බවට සහතික කර ලියාපදිංචි තැපෑලෙන් පාලන අධිකාරී, ක්‍රීඩා විද්‍යායතනය,මහරගම, පන්නිපිටිය යන ලිපිනයට එවිය යුතු අතර වම් පස කෙලවරේ “ශරීරසුවතා උපදේශක  NVQ -4 මට්ටම” යනුවෙන් සදහන් කළ යුතුය.
  3. සම්මුඛ පරීක්ෂණ මහරගම පන්නිපිටිය පොල්වත්තේ  පිහිටි බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනයේදී සිදු කිරීමට 

නියමිතය.

යෝග පුහුණුව පිළිබද කළමණාකරණ ඩිප්ලෝමා පාඨමාලාව NVQ – 5 මට්ටම

යෝග  පුහුණුව පිළිබද කළමණාකරණ ඩිප්ලෝමා   පාඨමාලාව

NVQ – 5 මට්ටම 

පාඨමාලා තොරතුරු

  1. පාඨමාලා කාලය –  පැය 1500 ( මාස 18)
  2. පාඨමාලා ගාස්තුව – රු. 90,000.00

( පලමු වාරිකය රු. 45,000යි දෙවන වාරිකය රු. 30,000 තෙවන වාරිකය 15,000)

  1. පාඨමාලා මාධ්‍ය – සිංහල/ඉංග්‍රීසි 
  2. දිනයන් – සෙනසුරාදා ,ඉරිදා 
  3. බදවා ගැනීමට නියමිත සංඛ්‍යාව – 25 40 අතර සංඛ්‍යාවක් 

පොදු කොන්දේසි හා සුදුසුකම්

  1. අයදුම්පත් බාරගන්නා දිනට වයස අවු. 18ට වැඩි ශ්‍රී ලංකා පුරවැසියකු විය යුතුය.
  2. මේ සදහා ඔබ යෝග  ක්ෂේත්‍රය පිළිබද නිපුනතාවය,ඇල්මක් සහ කැපවීමක් ඇති පිළිගත හැකි යෝග පාඨමාලාවක් හදාරා ඇති අයකු විය යුතුය.
  3. ප්‍රායෝගික ක්‍රියාකාරකම් කර පෙන්වීම සදහා මනාශරීර සෞඛ්‍යකින් පසුවන්නකු විය යුතුය.
  4. පාඨමාලාවේ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සදහා වර්ථමානයේ යෝග පුහුණු කරන පුහුණුකරුවකු වීම විශේෂ සුදුසුකමකි.
  5. අයදුම් කිරීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ මගින්  තෝරාගත් පුද්ගලයන්ගේ  ප්‍රථිපල වෙබ් අඩවිය තුළින් ලබාගත හැක.
  6. දේශන නැවත නැවත ශ්‍රවණය කළ හැකි ආකාරයට හඩ පට හා  දේශනවල සටහන්, අත් පත්‍රිකා විද්‍යුත් මාධ්‍ය මගින් ලබාදීමටද   කටයුතු කර ඇත.
  7. පාඨමාලා අවසානයේදී බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය මගින් සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සහතික පත්‍ර දෙකක් ලබාදීමට  නියමිතය.

අයදුම් කිරීම

  1. මේ සමග ඇති අයදුම්පත්‍රය බාගත කීරීම මගින් අයදුම් කළ හැක.
  2. අයදුම්පත්‍රය සමගින් උප්පැන්න සහතිකය, උසස්ම අධ්‍යාපන සහතික සහ යෝග ක්ෂේත්‍රයට අදාල සහතික පත්‍රවල පිටපත් සත්‍ය පිටපත් බවට සහතික කර ලියාපදිංචි තැපෑලෙන් පාලන අධිකාරී, ක්‍රීඩා විද්‍යායතනය,මහරගම, පන්නිපිටිය යන ලිපිනයට එවිය යුතු අතර වම් පස කෙලවරේ “යෝග  පුහුණුව පිළිබද කළමණාකරණ ඩිප්ලෝමා පාඨමාලාව  NVQ – 5 මට්ටම” යනුවෙන් සදහන් කළ යුතුය.
  3. සම්මුඛ පරීක්ෂණ මහරගම පන්නිපිටිය පොල්වත්තේ  පිහිටි බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනයේදී සිදු කිරීමට 

නියමිතය.

යෝග  පුහුණුව පිළිබද කළමණාකරණ ඩිප්ලෝමා   පාඨමාලාව NVQ – 5 මට්ටම

පාඨමාලා අන්තර්ගතය

    • යෝග ඉතිහාසය හා සාහිත්‍ය 
    • යෝග ශාරීරික යෝග්‍යතාවය 
    • යෝග දර්ශනය හා න්‍යාය 
  • යෝග සාධනා 
  • කාය ව්‍යච්චේදනය ඇසුරින් යෝග විද්‍යාව හැදින්වීම.
  • භෞතික විද්‍යාව හා සාම්ප්‍රදායික යෝග ක්‍රියා සහ ශිල්ප ක්‍රම.
  • බෝනොවන රෝග අවම කිරීම සදහා මානසික ආතතිය අවම කිරීම සදහා පිළිපැදිය යුතු අභ්‍යාස හා නිවැරදිසෞඛ්‍ය පුරුදු 
  • අලෙවිකරණය හා පුහුණු ආයතන පවත්වාගෙන යාම,සේවා ස්ථාන කළමනාකරණය.
  • යෝග න්‍යායාචාර්ය ,සෘෂි, ගුරුවරුන් පිළිබද අධ්‍යනය.
  • යෝග උපාංග නිෂ්පාදනය 
  • යෝග සුවතාවය තුළින් සංචාරක ව්‍යාපාරයක්  ලෙස ප්‍රවර්ධනය.
  • මනෝවිද්‍යාත්මක හා ආතති කළමණාකරණ  යෝග අධ්‍යනය
  • ක්‍රීඩාව හා යෝග සම්බන්දතාවය

මළල ක්‍රීඩා පුහුණුකරු NVQ – 4 මට්ටම පාඨමාලාව

මළල  ක්‍රීඩා පුහුණුකරු  NVQ – 4 මට්ටම පාඨමාලාව 

පාඨමාලා තොරතුරු

  1. පාඨමාලා කාලය –  පැය 750 ( මාස 12)
  2. පාඨමාලා ගාස්තුව – රු. 40,000.00

( පලමු වාරිකය රු. 25,000යි දෙවන වාරිකය රු. 15,000)

  1. පාඨමාලා මාධ්‍ය – සිංහල/ඉංග්‍රීසි 
  2. දිනයන් – සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්  
  3. බදවා ගැනීමට නියමිත සංඛ්‍යාව – 25 40 අතර සංඛ්‍යාවක් 

පොදු කොන්දේසි හා සුදුසුකම්

  1. අයදුම්පත් බාරගන්නා දිනට වයස අවු. 18ට වැඩි ශ්‍රී ලංකා පුරවැසියකු විය යුතුය.
  2. මේ සදහා ඔබ මළල  ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබද නිපුනතාවය,ඇල්මක් සහ කැපවීමක් තිබිය යුතුය.
  3. ලංකාවේ ඕනෑම පළාතක් නියෝජනය කරමින් පිලිගත් ක්‍රීඩා තරගාවලියක මළල  ක්‍රීඩා ඉසව්වක් නියෝජනය කර ජයග්‍රහණ ලබා තිබිය යුතුය.
  4. අදාල අයදුම්කරු විසින් පුහුණු කරනලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගත් මළල ක්‍රීඩා තරගාවලියක කලාප/දිසිත්‍රික් /පළාත්/ජාතික  මට්ටමේ ජයග්‍රහණ ලබා ඇති බව සනාථ කිරීම විශේෂ සුදුසුකමක් වේ.
  5. ප්‍රායෝගික ක්‍රියාකාරකම් කර පෙන්වීම සදහා මනා ශරීර සෞඛ්‍යකින් පසුවන්නකු විය යුතුය.
  6. පාඨමාලාවේ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සදහා වර්ථමානයේ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්  පුහුණු කරන පුහුණුකරුවකු වීම විශේෂ සුදුසුකමකි.
  7. අයදුම් කිරීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ මගින්  තෝරාගත් පුද්ගලයන්ගේ  ප්‍රථිපල වෙබ් අඩවිය තුළින් ලබාගත හැක.
  8. දේශන නැවත නැවත ශ්‍රවණය කළ හැකි ආකාරයට හඩ පට හා  දේශනවල සටහන්, අත් පත්‍රිකා විද්‍යුත් මාධ්‍ය මගින් ලබාදීමටද   කටයුතු කර ඇත.
  9. පාඨමාලා අවසානයේදී බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය මගින් හා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සහතික පත්‍ර දෙකක් ලබාදීමට නියමිතය.

අයදුම් කිරීම

  1. මේ සමග ඇති අයදුම්පත්‍රය බාගත කළ හැක.
  2. අයදුම්පත්‍රය සමගින් උප්පැන්න සහතිකය, උසස්ම අධ්‍යාපන සහතික, උපරිම දක්ෂතා ඇති ක්‍රීඩා සහතික, සහ ඔබ පුහුණු කල ක්‍රීඩකයින්ගේ උපරිම දක්ෂතා ඇති ක්‍රීඩා සහතික වල පිටපත්  සත්‍ය පිටපත් බවට සහතික කර ලියාපදිංචි තැපෑලෙන් පාලන අධිකාරී, ක්‍රීඩා විද්‍යායතනය,මහරගම, පන්නිපිටිය යන ලිපිනයට එවිය යුතු අතර වම් පස කෙලවරේ මළල ක්‍රීඩා පුහුණු කරු NVQ –4 මට්ටම යනුවෙන් සදහන් කළ යුතුය.
  3. සම්මුඛ පරීක්ෂණ මහරගම පන්නිපිටිය පොල්වත්තේ  පිහිටි බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනයේදී සිදු කිරීමට 

නියමිතය.

ජවන හා පිටිය මළල ක්‍රීඩා පාඨමාලා අන්තර්ගතය

  • ජවන හා පිටිය ක්‍රීඩාවේ විකාශනය
  • ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් පුහුණුව
  • පුහුණුකරු හා සිසුන්ගේ කාර්යභාරය
  • පුහුණු මූලධර්ම හා පුහුණු ක්‍රම
  • ශාරීරික යෝග්‍යතා සංවර්ධනය
  • මිනිස් සිරුර හා ව්‍යායාම භෞතවේදය
  • ක්‍රීඩා අනතුරු හා ප්‍රථමාධාර විධි
  • තහනම් උත්තේජක පරිහරණය හා භාවිතා වන ක්‍රම
  • ක්‍රීඩා මනෝවිද්‍යාව
  • ක්‍රීඩා හැකියා  හදුනා ගැනීම හා සංවර්ධනය
  • ක්‍රීඩා පුහුණු සැලසුම්කරණය
  • ක්‍රීඩා හා ඉසව් කළමණාකරණය 
  • ක්‍රීඩා මධ්‍යස්ථාන හා උපකරණ නඩත්තුව
  • ජවන හා පිටිය ක්‍රීඩා නීතිරීති හා රෙගුලාසි

පාපන්දු පුහුණුකරු NVQ – 4 මට්ටම පාඨමාලාව

පාපන්දු   පුහුණුකරු  NVQ – 4 මට්ටම පාඨමාලාව 

පාඨමාලා තොරතුරු

  1. පාඨමාලා කාලය –  පැය 750 ( මාස 12)
  2. පාඨමාලා ගාස්තුව – රු. 40,000.00

( පලමු වාරිකය රු. 25,000යි දෙවන වාරිකය රු. 15,000)

  1. පාඨමාලා මාධ්‍ය – සිංහල/ඉංග්‍රීසි 
  2. දිනයන් – ඉරිදා සහ සදුදා   
  3. බදවා ගැනීමට නියමිත සංඛ්‍යාව – 25 40 අතර සංඛ්‍යාවක් 

පොදු කොන්දේසි හා සුදුසුකම්

  1. අයදුම්පත් බාරගන්නා දිනට වයස අවු. 18ට වැඩි ශ්‍රී ලංකා පුරවැසියකු විය යුතුය.
  2. මේ සදහා ඔබ පාපන්දු ක්ෂේත්‍රය පිළිබද නිපුනතාවය,ඇල්මක් සහ කැපවීමක් තිබිය යුතුය.
  3. ලංකාවේ ඕනෑම පළාතක් නියෝජනය කරමින් පිලිගත් පාපන්දු   තරගයක්  නියෝජනය කර ජයග්‍රහණ ලබා තිබිය යුතුය.
  4. අදාල අයදුම්කරු විසින් පුහුණු කරනලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගත් පාපන්දු ක්‍රීඩා තරගාවලියක කලාප/දිස්ත්‍රික් /පළාත්/ජාතික  මට්ටමේ ජයග්‍රහණ ලබා ඇති බව සනාථ කිරීම විශේෂ සුදුසුකමක් වේ.
  5. ප්‍රායෝගික ක්‍රියාකාරකම් කර පෙන්වීම සදහා මනා ශරීර සෞඛ්‍යකින් පසුවන්නකු විය යුතුය.
  6. පාඨමාලාවේ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සදහා වර්ථමානයේ පාපන්දු ක්‍රීඩා කණ්ඩායමක්  පුහුණු කරන පුහුණුකරුවකු වීම විශේෂ සුදුසුකමකි.
  7. අයදුම් කිරීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ මගින්  තෝරාගත් පුද්ගලයන්ගේ  ප්‍රථිපල වෙබ් අඩවිය තුළින් ලබාගත හැක.
  8. දේශන නැවත නැවත ශ්‍රවණය කළ හැකි ආකාරයට හඩ පට හා  දේශනවල සටහන්, අත් පත්‍රිකා විද්‍යුත් මාධ්‍ය මගින් ලබාදීමටද   කටයුතු කර ඇත.
  9. පාඨමාලා අවසානයේදී බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය මගින් සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සහතික පත්‍ර දෙකක් ලබාදීමට නියමිතය..

අයදුම් කිරීම

  1. මේ සමග ඇති අයදුම්පත්‍රය බාගත කීරීම මගින් අයදුම් කළ හැක.
  2. අයදුම්පත්‍රය සමගින් උප්පැන්න සහතිකය, උසස්ම අධ්‍යාපන සහතික, උපරිම දක්ෂතා ඇති ක්‍රීඩා සහතික, සහ ඔබ පුහුණු කල ක්‍රීඩකයින්ගේ උපරිම දක්ෂතා ඇති ක්‍රීඩා සහතික වල පිටපත්  සත්‍ය පිටපත් බවට සහතික කර ලියාපදිංචි තැපෑලෙන් පාලන අධිකාරී, ක්‍රීඩා විද්‍යායතනය,මහරගම, පන්නිපිටිය යන ලිපිනයට එවිය යුතු අතර වම් පස කෙලවරේ “පාපන්දු පුහුණු කරු NVQ -4 මට්ටම” යනුවෙන් සදහන් කළ යුතුය.
  3. සම්මුඛ පරීක්ෂණ මහරගම පන්නිපිටිය පොල්වත්තේ  පිහිටි බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනයේදී සිදු කිරීමට 

නියමිතය.

පාපන්දු පාඨමාලා අන්තර්ගතය

  • පාපන්දු ක්‍රීඩාවේ විකාශනය
  • පාපන්දු ක්‍රීඩා ඉසව් පුහුණුව 
  • පුහුණුකරු හා සිසුන්ගේ කාර්යභාරය
  • පුහුණු මූලධර්ම හා පුහුණු ක්‍රම
  • ශාරීරික යෝග්‍යතා සංවර්ධනය
  • මිනිස් සිරුර හා ව්‍යායාම භෞතවේදය
  • ක්‍රීඩා අනතුරු හා ප්‍රථමාධාර විධි
  • තහනම් උත්තේජක පරිහරණය හා භාවිතා වන ක්‍රම
  • ක්‍රීඩා මනෝවිද්‍යාව
  • ක්‍රීඩා හැකියා  හදුනා ගැනීම හා සංවර්ධනය
  • ක්‍රීඩා පුහුණු සැලසුම්කරණය
  • ක්‍රීඩා හා ඉසව් කළමණාකරණය 
  • ක්‍රීඩා මධ්‍යස්ථාන හා උපකරණ නඩත්තුව
  • පාපන්දු ක්‍රීඩා නීතිරීති හා රෙගුලාසි

නෙට්බෝල් පුහුණුකරු NVQ – 4 මට්ටම පාඨමාලාව

නෙට්බෝල්   පුහුණුකරු  NVQ – 4 මට්ටම පාඨමාලාව 

පාඨමාලා තොරතුරු

  1. පාඨමාලා කාලය –  පැය 750 ( මාස 12)
  2. පාඨමාලා ගාස්තුව – රු. 40,000.00

( පලමු වාරිකය රු. 25,000යි දෙවන වාරිකය රු. 15,000)

  1. පාඨමාලා මාධ්‍ය – සිංහල/ඉංග්‍රීසි 
  2. දිනයන් – ඉරිදා සහ සදුදා   
  3. බදවා ගැනීමට නියමිත සංඛ්‍යාව – 25 40 අතර සංඛ්‍යාවක් 

පොදු කොන්දේසි හා සුදුසුකම්

  1. අයදුම්පත් බාරගන්නා දිනට වයස අවු. 18ට වැඩි ශ්‍රී ලංකා පුරවැසියකු විය යුතුය.
  2. මේ සදහා ඔබ නෙට්බෝල් ක්ෂේත්‍රය පිළිබද නිපුනතාවය,ඇල්මක් සහ කැපවීමක් තිබිය යුතුය.
  3. ලංකාවේ ඕනෑම පළාතක් නියෝජනය කරමින් පිලිගත් නෙට්බෝල්  තරගයක්  නියෝජනය කර ජයග්‍රහණ ලබා තිබිය යුතුය.
  4. අදාල අයදුම්කරු විසින් පුහුණු කරනලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගත් නෙට්බෝල් ක්‍රීඩා තරගාවලියක  කලාප/දිසිත්‍රික් /පළාත්/ජාතික  මට්ටමේ ජයග්‍රහණ ලබා ඇති බව සනාථ කිරීම විශේෂ සුදුසුකමක් වේ.
  5. ප්‍රායෝගික ක්‍රියාකාරකම් කර පෙන්වීම සදහා මනා ශරීර සෞඛ්‍යකින් පසුවන්නකු විය යුතුය.
  6. පාඨමාලාවේ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සදහා වර්ථමානයේ නෙට්බෝල් ක්‍රීඩා කණ්ඩායමක්  පුහුණු කරන පුහුණුකරුවකු වීම විශේෂ සුදුසුකමකි.
  7. අයදුම් කිරීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ මගින්  තෝරාගත් පුද්ගලයන්ගේ  ප්‍රථිපල වෙබ් අඩවිය තුළින් ලබාගත හැක.
  8. දේශන නැවත නැවත ශ්‍රවණය කළ හැකි ආකාරයට හඩ පට හා  දේශනවල සටහන්, අත් පත්‍රිකා විද්‍යුත් මාධ්‍ය මගින් ලබාදීමටද   කටයුතු කර ඇත.
  9. පාඨමාලා අවසානයේදී බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය මගින් සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සහතික පත්‍ර දෙකක් ලබාදීමට  නියමිතය.

අයදුම් කිරීම

  1. මේ සමග ඇති අයදුම්පත්‍රය බාගත කීරීම මගින් අයදුම් කළ හැක.
  2. අයදුම්පත්‍රය සමගින් උප්පැන්න සහතිකය, උසස්ම අධ්‍යාපන සහතික, උපරිම දක්ෂතා ඇති ක්‍රීඩා සහතික, සහ ඔබ පුහුණු කල ක්‍රීඩකයින්ගේ උපරිම දක්ෂතා ඇති ක්‍රීඩා සහතික වල පිටපත්  සත්‍ය පිටපත් බවට සහතික කර ලියාපදිංචි තැපෑලෙන් පාලන අධිකාරී, ක්‍රීඩා විද්‍යායතනය,මහරගම, පන්නිපිටිය යන ලිපිනයට එවිය යුතු අතර වම් පස කෙලවරේ “නෙට්බෝල් පුහුණු කරු NVQ -4 මට්ටම” යනුවෙන් සදහන් කළ යුතුය.
  3. සම්මුඛ පරීක්ෂණ මහරගම පන්නිපිටිය පොල්වත්තේ  පිහිටි බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනයේදී සිදු කිරීමට 

නියමිතය.

නෙට්බෝල්  පාඨමාලා අන්තර්ගතය

  • නෙට්බෝල් ක්‍රීඩාවේ විකාශනය
  • නෙට්බෝල් ක්‍රීඩා ඉසව් පුහුණුව 
  • පුහුණුකරු හා සිසුන්ගේ කාර්යභාරය
  • පුහුණු මූලධර්ම හා පුහුණු ක්‍රම
  • ශාරීරික යෝග්‍යතා සංවර්ධනය
  • මිනිස් සිරුර හා ව්‍යායාම භෞතවේදය
  • ක්‍රීඩා අනතුරු හා ප්‍රථමාධාර විධි
  • තහනම් උත්තේජක පරිහරණය හා භාවිතා වන ක්‍රම
  • ක්‍රීඩා මනෝවිද්‍යාව
  • ක්‍රීඩා හැකියා  හදුනා ගැනීම හා සංවර්ධනය
  • ක්‍රීඩා පුහුණු සැලසුම්කරණය
  • ක්‍රීඩා හා ඉසව් කළමණාකරණය 
  • ක්‍රීඩා මධ්‍යස්ථාන හා උපකරණ නඩත්තුව
  • නෙට්බෝල් ක්‍රීඩා නීතිරීති හා රෙගුලාසි

බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය
NVQ 4 මට්ටම් පාඨමාලා අයදුම් පත්‍රය

සම්පත්දායක අයදුම් පත්‍රය